Heading
දේශීය
2025-05-01 9:39 am • Views: 1510

හිටපු ජනපති රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා කන්කසන්තුරේට මාරු කරයි..!

හිටපු ජනපති රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා කන්කසන්තුරේට මාරු කරයි..!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරේ පොලිස් ස්ථානයට මාරු කර යවා තිබෙන බව වාර්තා වේ. 

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වසර විසි තුනක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කර තිබෙන අතර, වසර පහළොවක් ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කර තිබේ. 

දින අනූවක රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසු වූ පිල්ලෙයාන්ට කතා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍යව ඇතැයි පවසා, ඔහුට දුරකථනය දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියාට දැනුම් දී තිබුණේ ද මෙකී අශෝක ආරියවංශ බව පැවසේ. 

නමුත් එය  තහවුරු නොකරන ලද ප්‍රවෘත්තියකි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න