ප්‍රසන්න රණවීරගේ රිට් පෙත්සම අභියාචනාධිකරණය ඉවත දමයි..! තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ. කැළණිය ප්‍රාදේශීය සභාවට අයත් රජයේ ඉඩමක් ව්‍යාජ ලේඛන සකස් කොට ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි. මෙම වංචාව සිදුවන විට ප්‍රසන්න රණවීර කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර තිබුණි. මෙම වංචාවට සම්බන්ධ අනෙකුත් හවුල් කරුවන් අතර හිටපු අමාත්‍ය මර්වින් සිල්වාද සිටියි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙබරවාරි මාසයේ පස්වන දා මර්වින් සිල්වා අත්අඩංගුවට ගත් අතර, මෙතෙක් ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-30 9:08 am
|
Heading |
---|
2025-04-29 10:23 am
|
Heading |
---|
2025-04-29 1:34 am
|
Heading |
---|
2025-04-29 11:49 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|