
කාන්චන එකඟ වූ මිල ඒකකයක් ඩොලර් ශත 8.26 යි. "නව රජයේ අපේක්ෂාව ඩොලර් ශත 6ට අඩු මිලක්..!" ඇමති නලින්ද කියයි. අදානී සමාගම මෙරට ඉදිකිරීමට නියමිත සුළං විදුලි බලාගාර දෙකෙන් විදුලිය මිලදී ගැනීමේ දී, ඒකකයක් සදහා ගෙවන මුදල ඩොලර් ශත 8.26 සිට ඩොලර් ශත 6.00 දක්වා අඩු කර ගැනිමට අදාල සාකච්ඡා ආරම්භ කිරීමට නව රජය සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අදානි සමාගම, මෙරට තුළ සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීම සදහා එක්සත් ජනපද ඩොලර් මිලිය 442 ක ආයෝජනයක් සිදු කිරීමට නියමිත ය. කෙසේ වෙතත්, අදානි සමාගම ඉදිකිරීමට නියමිත සුළං විදුලි බලාගාර දෙකට එරෙහිව පරිසර සංවිධානද ඇතුළු පාර්ශ්ව කිහිපයක් අධිකරණය හමුවට ගොස් තිබේ. ඒ අනුව, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන අවසන් නිගමනය අදාල නඩු තීන්දු ලැබීමෙන් පසුව රජය විසින් තීන්දු කරනු ඇත.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-13 8:40 am
|
| Heading |
|---|
|
2025-08-22 8:03 am
|
| Heading |
|---|
|
2025-08-20 9:27 am
|
| Heading |
|---|
|
2025-07-26 2:21 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|