භාණ්ඩ මිලදී ගැනිමට සතොසෙන් නව වෙබ් අඩවියක්.

0
238
- Advertisement -

ඕනෑම අයෙකුට නිවසේ සිටම සතොස වෙළඳ සැල් මගින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා නව වෙබ් අඩවියක් www.lankasathosa.lk නමින් ඊයේ (20) කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති උත්සවයකදී රටටම හඳුන්වා දෙනු ලැබීය.

මෙම අඩවිය විවෘත කරමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙරටදී පමණක් නොව විදේශ රටකදී වුවද සතොස මගින් ඕනෑම අයෙකුට භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන බවයි.

ප්‍රථම අදියරේදී කොළඹ හා මහනුවර ප්‍රදේශවල පරිභෝගික ජනතාවට මෙම වෙබ් අඩවිය මගින් භාණ්ඩ ඇනවුම් කිරීමේදී නොමිලේම ඒවා ප්‍රවාහනය කරදීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

“අරුණ පුවත්පත”