ජනාධිපති ආරක්ෂක අංශය 900 කින් අඩු කරයි.

0
817
- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත, ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත්ව සේවය කළ පොලිස් නිළධාරීන් 900 දෙනෙකු වෙනත් පොලිස් කොට්ඨාස වෙත මාරු කර යවා තිබේ.

ජනාධිපති ආරක්ෂක අංශයට ඇතුළත් නිළධාරීන්ගෙන් බොහෝ දෙනෙක් නිශ්චිත රාජකාරියක් නොමැතිව නිකරුණේ කාලය ගත කිරීම නිසා රට වෙනුවෙන් ඔවුන්ගෙන් ලබා ගත යුතු සේවය වඩාත් ඵලදායී ලෙස ලබා ගැනීමේ අරමුණෙන් ජනාධිපතිවරයා මෙම තීරණයට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

ජනපති ආරක්ෂක අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 7ක් මෙසේ වෙනත් කොට්ඨාස වෙත අනියුක්ත කිරීමට නියමිතය.