රතුපස්වල නඩුව යළිත් කල් යයි.

0
106
- Advertisement -
Share
4 / 100

රතුපස්වල නඩුව යළිත් කල් යයි.

ගම්පහ, රතුපස්වල අවට ජනතාව, පිරිසිදු පානීය ජලය ඉල්ලා කරන ලද උද්ඝෝෂණයට පහර දීමෙන් සහ වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීම සහ මිනීමැරීමට තැත්කිරීම ඇතුළු අධි චෝදනා 94 ක් යටතේ යුද හමුදා බි්‍රගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා නිළධාරීන් තුන් දෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ පවරා ඇති නඩුව පසුගිය එකොළොස්වන දා විභාගයට ගත් අතර, වැඩි දුර නඩු විභාගය ඔක්තෝබර් මාසයේ 23 වැනි දා ට කල් තැබුණි.

නඩුව, පසුගිය එකොළොස්වන දා විභාගයට ගත් අවස්ථාවේ දී විත්තිකරුවන් සිව් දෙනා ම ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව මහාධිකරණය හමුවේ පවසා සිටියේ ය.

රතුපස්වල සිද්ධියේ දී පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගොස් තිබුණු අතර, තවත් 17 දෙනෙකු වෙඩි වැදී තුවාල ලබා තිබුණේ ය. ඊට අමතරව, තවත් 21 දෙනෙකුට තුවක්කු සහ පොලුවලින් පහර දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × four =