“ස්ත්‍රී දූෂකයන් සදාකාලිකව ලිංගික බෙලහීනයක් බවට පත් කළ යුතුයි.” ඉම්රාන් ඛාන් යෝජනා කරයි.

0
1154
- Advertisement -

“ස්ත්‍රී දූෂකයන් සදාකාලිකව
ලිංගික බෙලහීනයක් බවට පත් කළ යුතුයි.”
ඉම්රාන් ඛාන් යෝජනා කරයි.

ස්ත්‍රී දූෂකයන්ට ලබා දිය යුතු දඩුවම ප්‍රසිද්ධියේ එල්ලා මර දැමීම නමුත්, යුරෝපා සංගමය සහ මානව හිමිකම් සංවිධාන ඊට එරෙහි විය හැකි නිසා, දූෂකයන්ට දිය යුතු අනෙක් හොදම දඩුවම ඔවුන් සදාකාලිකවම ලිංගික බෙලහීනයක් බවට පත් කිරීම බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

නැගෙනහිර ලාහෝරයේ මෑතක දී සිදුව තිබෙන සමූහ ස්ත්‍රී දූෂණයක් හේතුවෙන් පාකිස්තාන කාන්තාවන් සිය ගණනක් රජයට එරෙහිව උද්ඝෝෂණය කරමින් සිටින බව වාර්තා වේ. දූෂකයන්- අදාල කාන්තාව දූෂණය කර ඇත්තේ ඇගේ දරුවන් දෙදෙනා ඉදිරියේ දී ය. ඈ ගමන් ගත් මෝටර් රථය ඉන්ධන අවසන් වීම නිසා අතර මග නැවතී ඇති අතර, ඒ අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුව තිබේ. අදාල සිදුවීම විමර්ෂණය කළ පොලීසිය එම කාන්තාවටම දොස් පවරා තිබීම, ජනතා විරෝධය ඉහළ නැංවීමට බලපා තිබේ. පිරිමියෙකු නැතිව තනිව ගමන් යාම නිසා, එම කාන්තාවට මේ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසා තිබේ.

මේ වන විට දූෂණයට හවුල් වූවන්ගෙන් එක් අයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ස්ත්‍රී දූෂකයන් ලිංගික බෙලහීනයක් බවට පත් කළ යුතු බවට වූ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඉහත සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 3 =