ඉන්දීය අත්අඩංගුවේ පසුවන ලාංකීය ධීවරයන් ගැන ජනපති කතා කලාද?

0
412
- Advertisement -

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය නිමිත්තෙන් මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා රජය මගින් නිදහස් කරණු ලැබූවත් ඉන්දියාව ඊට පෙරළා ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත්ව ඉන්දීය අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින් හා ඔවුන්ගේ බෝට්ටු නිදහස් කර ගැනීමට කටයුතු කළ යුතුයි.

ශ්‍රීලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගන්නා සේම ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 53 දෙනා නිදහස් කිරීමටද පියවර ගනු ඇතැයි උතුරේ ධීවරයින් විශ්වාශ කරන බවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වල් අඩෙයිකලනාදන් පැවසීය.

වවුනියාවේ පිහිටි ටෙලෝ කාර්යාලයේදී ඊයේ (01) දින අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටි අතර වැඩිදුරටත් මන්ත්‍රීවරයා පවසා සිටියේ,

ජනාධිපතිවරයාගේ ආරාධනයට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙනු ඇති හෙයින් එසේ පැමිණිමට පෙර මේ උතුරේ ධීවර ප්‍රශ්නය පිළිබදව සාකච්ඡා කොට යම් තීරණයකට පැමිණිය යුතුව ඇති බවද උතුරේ ධීවර ජනතාවගේ අදාළ ගැටළුව විසදා ගැනීමට ජනාධිපතිවරයා අවධානය යොමු කරනු ඇතැයි තමන් විශ්වාස කරනබවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + 7 =