අසල්වැසියාගේ ආරාධනය වෙනුවෙන් ජනපති දිවයිනෙන් බැහැරට.

0
1164
- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා අද (28) දහවල් ඉන්දියාව බලා පිටත් වේ.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ චාරිකාවේ දි ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා හමුවන අතර, ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වේ.

ජනාධිපතිතුමා සෙසු ඉන්දීය ප්‍රභූවරුන් ද මුණ ගැසෙනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු නිරතවන ප්‍රථම විදේශ චාරිකාව මෙයයි.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් සජිත් ආටිගල, ජනාධිපතිතුමාගේ ගරු උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ද චාරිකාවට එක් වෙති.