වයිකෝගෙ විරෝධයට ජනපති ගෝඨාභය දුන්න උත්තරය.

0
443
- Advertisement -

ජනපතිගේ පසුගිය ඉන්දියාවේ ප්‍රකට මාධ්‍යවේදීන් සහභාගි වූ විශේෂ මාධ්‍ය හමුවකටද ගෝඨා සහභාගි වුනා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබගේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදියකු විමසුවා.

එහි සමහර කාරණාවලට එකඟ වෙන්න බැහැ. ගෝඨා පිළිතුරු දුන්නේය.

ඔබගේ පැමිණීමට එරෙහිව ඊට විරෝධය පාමින් වයිකෝ ඇතුඵ පිරිසක් උද්ඝෝෂණය කළා නේද? ඒ ගැන හිතෙන්නේ මොනවාද? යනුවෙන් තවත් මාධ්‍යවේදියකු විමසුවා.

ඒ ගොල්ලන් ඉතා සුළු කණ්ඩායමක්. ඉන්දියාවේ රජය මට ආරාධනා කළේ. ඉන්දියාවේ අතිබහුතරයක් ජනතාව ඉන්නේ මගේ පැමිණීම සමඟයි” යනුවෙන් ගෝඨා පිළිතුරු ලබා දුන්නේය.

රටවල් දෙකේ රාජ්‍ය නායකයන් අතර සමරු තිළිණ හුවමාරු වූ අතර වී.කේ. සිං පැරණි මිත්‍රයා අපූරු සමරු තිළිණයක් ගෝඨාට දුන්නේය.

ගෝඨා ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේ එම නිලධාරීන් සමඟ ගන්නා ලද ඡායාරූපයක් මෙසේ සමරු තිළිණය වශයෙන් ලබා දී තිබිණි.

දෙදින ඉන්දීය සංචාරය නිමා කිරීමෙන් අනතුරුව ගෝඨා ඇතුළු පිරිස නවදිල්ලි නුවර සිට කටුනායක බලා පැමිණියේ ශ්‍රීලන්කන් ගුවන් යානයකිනි.

ගුවන් ගමන ආරම්භ වී ටික වේලාවක් ගිය විට ජනාධිපතිවරයා නැඟීීසිටි අතර ඔහු දුටු ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් ගෝඨා අසලට පැමිණ කතා කළේය.

“ජනාධිපතිතුමන් මේ ඔෟෂධ ජාවාරම ඉතා භයානකයි. පසුගිය අවුරුදු 3-4දී මේ ඔෟෂධ ජාවාරම ජයටම සිදුවුණා. මේක මාෆියාවක්. බාල ඔෟෂධ ගෙන්නලා විශාල ලාභයක් උපයනවා. ලෙඩ්ඩුන්ගේ ලෙඩ තවත් වැඩි වෙනවා. ඉර්ථීඛ් එකෙත් මේ ප්‍රශ්නය තියෙනවා. මේ ඔෟෂධ ජාවාරම, මාෆියාව වහාම නතර කරන්න මැදිහත් වෙන්න. මේක ඔබතුමාට කරන්න පුළුවන්” යනුවෙන් එම ව්‍යාපාරිකයා විසින් ඔෟෂධ ජාවාරම ගැන දිගු හෙළිදරව් කිරීමක් සිදුකරන ලදී.

“මං ඔෟෂධ ජාවාරමට තිත තබනවා” යනුවෙන් ගෝඨා තම සහතිකය ලබා දුන්නේය.

මෙම කතාබහට ගෝඨාගේ කෙතරම් අවධානයක් යොමු වූවා දැයි කියනවා නම් විනාඩි 40ක් පමණ මෙම කතා බහ සිදුවූයේ ගුවන් යානයේ සිටගෙන සිටින විට වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − 3 =