පානදුර දූෂණ මර්දන ඒකකයත් විසුරුවා හැරේ.

0
8446
- Advertisement -

පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය හා පානදුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසිරුවා හැර එහි රාජකාරි කරන ලද නිලධාරීන් විවිධ පොලිස් ස්ථානවලට අනුයුක්ත කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ගෞරවයක් ඇතිවන පරිදි පානදුර පොලිස් කොට්ඨාසය තුළ වැළලීගිය අපරාධ රැසක සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පමණක් නොව මහත් සමාජ ව්‍යසනයක් බවට පත්ව තිබෙන මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ප්‍රබල ජාවාරම්කරුවන් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට වඩා ප්‍රබල දායකත්වයක් දුන් විශේෂ ඒකක දෙකකි.

තවද පතාල ලෝකයේ ප්‍රබලයන් රැසක් මෙන්ම සාමාජිකයන් විශාල ප්‍රමාණයක් ගිනිඅවි අත් බෝම්බ, මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන් දිවි පරදුවට තබා සිදුකළ සේවය අගයමින් ජනතාවගේන් පැසසුම් ලබා ඇති වාර බොහෝය.

තම වසමේ පොලිසිය වඩා යම් විශ්වාසයක් ජනතාවගේ හදවත් තුළට කාවැද්දීමට තරම් අගනා සේවාවකට එහා ගිය සමාජ මෙහෙවරක නිරත වූ මෙම ඒකක යළි ස්ථාපිත කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි රටට ආදරය කරන මහ සංඝයා වහන්සේගේ, අන්‍ය ආගමික නායකයන්ගේ මෙන්ම මහජනතාවගේ දැඩි විශ්වාසයයි.

මේ පිළිබඳව පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඩී.එම්. වික්‍රමසිංහ මහතාගෙන් සිදු කළ විමසීමේදී ඔහු පැවැසුවේ.

පොලිසිවලට ප්‍රමාණවත් අයුරින් නිලධාරීන් සංඛ්‍යාවක් නොමැති බැවින් මෙම පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + 14 =