මහින්ද යුගයේ තවත් වැඩක්; ජාලිය වික‍්‍රමසූරිය එයාලංකා සමාගමට කළ පාඩුවේ තරම..!

0
514
- Advertisement -

2008 සිට 2014 දක්වා ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජාලිය වික‍්‍රමසූරිය මහතා 2013 වසරේ අපේ‍්‍රල් මාසයේ දී, ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට ඩුබායි හරහා මත්තලට ඒමට විදේශ අමාත්‍යංශයේ අවසරයකින් තොරව ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානාවක් වෙන් කරගෙන ඇති අතර, එම හේතුව නිසා රුපියල් මිලිය 7.8 ක පාඩුවක් එයා ලංකා සමාගමට සිදු වී ඇති බව වාර්තා වේ. මෙම හෙළිදරව්ව සිදු කර ඇත්තේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය අනුකූලතා කළමණාකරු වූ කසුන් රත්නායක මහතා විසිනි. මීට අමතරව, විදේශ අමාත්‍යංශයේ අවසරයකින් තොරව, තවත් මෙවැනි ගුවන් යානා වෙන් කර ගැනීම් ජාලිය වික‍්‍රමසූරිය මහතා විසින් සිදුකර ඇති අතර, ඔහුගෙන් ශ‍්‍රී ලංකා ගුවන් සේවයට ලැබිය යුතු මුදල රුපියල් ලක්ෂ අනූවකට වඩා වැඩි යයි හෙළි දරව් වී ඇත.