“මළවුන් සිහි කරන්න අවසර ඕන නෑ – දෙමළ සිවිල් වැසියන්ට එයට අයිතිය තියෙනවා” – සී.වී. විග්නේශ්වරන්

0
542
- Advertisement -

දෙමළ ජනතාවට සාමකාමීව මහවිරු දිනය සැමරීමට අයිතියක් ඇතැයි උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් යාපනයේදී නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

මහවිරු දිනයේදී සිදුකරනු ලබන්නේ මියගිය පිරිසක් සිහිපත් කොට ඔවුන්ගේ ජීවිතවලට ආත්ම ශාන්තිය ප්‍රාර්ථනා කිරීම නිසා නිදහසේ හා සාමකාමීව සිදුකෙරෙන මේ කාර්යය සඳහා බාධා කිරීමකින් තොරව නව ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ සහයෝගය ඊට ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ සඳහන් කොට තිබේ.

මළවුන් සිහිකිරීම සඳහා ඕනෑම ජාතියකට මේ ලෝකයේ කිසිවකුගෙන්වත් අවසර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කරන හිටපු ප්‍රධාන අමාත්‍යවරයා, මියගිය පිරිස අතර එල්ටීටීඊ සාමාජිකයන් සිටින බව සත්‍ය කරුණක් නමුත් ඔවුන්ද මනුෂ්‍යයන් බව අමතක නොකළ යුතුව ඇතැයි සිය නිවේදනයේ සඳහන් කොට තිබේ.

Mawbima.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − thirteen =