මත්තල ගුවන් තොටුපලට එන අලි පලවා හරින්න නාමල් සුදානම්.

0
422
- Advertisement -

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයට රාත්‍රි කාලයේ වන අලි ඇතුන් කඩා පනින බවත් එම අලි ඇතුලු වනසතුන් පන්නා දැමිමට වනජිවි නිලධාරි ඒකකයක් ලබාදෙන ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල කළමණාකරු උපුල් කලන්සුරිය මහතා ඉල්ලා සිටිනවා.

හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටු රැස්විමේදි ඒ මහතා එසේ පැවසිය.

හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 03 දා මාගම් රුහුණුපුර පරිපාලන සංකිර්ණයේ ප්‍රධාන රැස්විම් ශාලාවේදි මෙම රැස්විම පැවැත්විණි.

මෙහිදි වැඩිදුරටත් කරුණු දැක්වු කලංසුරිය මහතා, “ ගුවන් තොටුපල පරිශ්‍රයට පනින වන අලි පලවා හැරිමට හම්බන්තොට වනජිවි මධ්‍යස්ථානයේ නිලධාරින් පැමි‍ණෙනවා ඇතැම් දිනවල වෙනත් ප්‍රෙද්ශවල වන අලි උවදුරු පවතින ස්ථාන වලට යනවා.

මේ හේතුන් අනුව මත්තලට වනජිවි නිලධාරි ඒකකයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

එසේම මත්තල අධිවේගි මාර්ග හන්දියේ සිට ගුවන් තොටුපල මාර්ගය රාත්‍රි කාලයේ අදුරේ පවතිනවා. රාත්‍රි කාලයේ ගුවන් තොටුපලට යන එන මගින්ට

දුෂ්කරතා පැමිණ තිබෙනවා“ යයිද ගුවන් තොටුපල කළමණාකාර වරයා පැවසිය.

මේ පිළිබදව සොයා බලා අදාල කටයුතු ක්‍රියාත්මක කිරිමට තිරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × two =