දෙරටේම ආරක්ෂාව සහ සංවර්ධනය ගැන මෝදිගෙන් සහතිකයක්.

0
425
- Advertisement -

ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අගමැතිවරයා අතර අද පැවති ද්වී පාර්ශවීය සාකච්ඡා වලින් අනතුරුව දෙදෙනා එකතුව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළා.

එහි දී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි රටවල් දෙකේම ආරක්ෂාව සහ සංවර්ධනය දෙපාර්ශවයටම ඉතා වැදගත් බව පෙන්වා දුන්නා.

එබැවින් එකිනෙක රටවල් අතර ආරක්ෂක ක්‍රියාවලිය සහ සංවර්ධන කටයුතු වලදී සහයෝගයෙන් කටයුතු කිරීමට ද බලාපොරොත්තු වන බව මෝදි ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ ලංකාව ආර්ථිකමය වශයෙන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් ඉන්දියාවේ මැදිහත්හත්වීම අගය කළා. විශේෂයෙන්ම දෙරටේ ධීවරයන් මුහුණ දෙන අපහසුතා අවම කර ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය අවසානයේ ලංකාවේ සංචාරයක නිරත වන්නට නරේන්ද්‍ර මෝදි වෙත ආරාධන‍යක්ද සිදු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − eleven =