අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනයෙන් ඉවතට.

0
526
- Advertisement -

අර්ධ සුඛෝපභෝගී බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

මගී ජනතාවට කිසිදු පහසුකමක් ලබා නොදෙමින් වසර ගණනාවක් පුරා මුදල් ගසා කෑම පමණක් සිදු කිරීම හේතුවෙන් මෙම බස්රථ ධාවනයෙන් ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ බවයි අමාත්‍යාංශ්‍ය සඳහන් කරන්නේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව සිදුකළ සමීක්ෂණයකින් ද හෙළිවී ඇත්තේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කළ යුතු බවයි.

එම සමීක්ෂණයේදී කිසිදු මගියෙකු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බව කොමිෂන් සභාව පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × two =