ආදාහන කටයුක්තකට සහභාගී වූ නව වනජීවි ඇමතිට මිනිසුන්ගෙන් දෝෂාරෝපණය.

0
1075
Minister of Wildlife Resources Wimalaweera Dissanayake disturbed
Minister of Wildlife Resources Wimalaweera Dissanayake disturbed
- Advertisement -

නාඋල බෝගස් බොබැල්ල ප්‍රදේශයෙ දී වන අලියෙකු පහරදීමෙන් අපවත් වු සිල් මාතාවකගේ ආදාහන පූජෝත්සවයට සභභාගී වූ වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට එම ආදාහන පූජොත්සව භූමියේ සිටි පුද්ගලයෙකු ගෙන් බාධා එල්ල වුනා.

අමාත්‍යවරයා ආදාහන පුජොත්සවයේ දී කතාවක් ද සිදුකර ආපසු යාමට පැමිණි අවස්ථාවේ දී අවට පිරිස් සිදුවී ඇති තත්ත්වය පිළිබදව අමාත්‍යවරයා සමග කතාකරන්නට වුනා.

ප්‍රදේශයේ පවතින වන අලි ගැටළුව සම්බන්ධයෙන් සාවදානව කරැණු අසා සිටි අමාත්‍ය වරයා අසලට පැමිනි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නාඋල ජන අයිතින් සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරැ ආර්.ඒ.ඩි. ජයතිලක මහතා ආමාත්‍යවරයා වන අලි ගැටළුව සම්බන්ධයෙන් ප්‍රමානවත් පරිදි දැනුවත් වී නොමැති බව කියා සිටියා.

පසුව අමාත්‍යවරයාද අවස්ථා කිහිපයක දි අදහස් දක්වනු දක්නට ලැබුනා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව යනවාත් සමග එම ස්ථානයේ සිටි පිරිසක් හා ජයතිලක මහතා අතර උණුසුම් වචන හුවමාරැවක් සිදු වුනා.මෙම අවස්තාවේ දී එම ස්ථානයේ රැදී සිටි නාඋල පොලිස්ථානයේ නිලධාරින් පිරිසක් ගැටුමක් ඇතීවීමේ තත්ත්වය පාලනය කිරිමට ද පියවර ගනු දක්නට ලැබුණා.

සිද්ධියෙන් අනතරැවද ආර්.ඒ.ඩි. ජයතිලක මහතා දිගින් දිගටම කියා සිටියේ වනජීවි රාජ්‍ය අමාත්‍ය වරයාට වන අලි සම්බන්ධයෙන් ප්‍රායෝගික අවබෝධයක් නොමැති බවයි. තමන් පැමිණියේ බලවත් සිත් වේදනාවෙන් බවත් වන අලි ගැටළුව ප්‍රදේශයේ පවතින බරපතල ගැටලුවක් බවත් හෙතෙම දිගින් දිගටම කියා සිටියේය.

අමාත්‍යවරයා රැගත් රිය අමාත්‍යවරයා ද සහිතව උත්සව භූමියෙන් පිටව ගිය අතර උණුුසුම් වචන හුවමාරැවට එක්වු නාඋල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරැ කිහිපදෙනා හා ජයතිලක මහතා ද අපවත් වු සිල්මාතාවගේ ආදාහන කටයුතු අවසන් වූ පසු එම ස්ථානයෙන් පිටව ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 1 =