මෙවර අයි.පී.එල් තරගාවලියට මලිංග සහභාගි නොවෙයි?

0
162
- Advertisement -
Share

ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග මේ වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) සඳහා සහභාගී වීමට ඉඩක් නැති බව අපගේ ආරංචි මාර්ග සදහන් කරනවා.

සිය පවුලේ පෞද්ගලික කාරණවක් හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා සහභාගී නොවිමට ලසිත් මාලිංග මෙලෙස තිරණය කර ඇති බව වාර්තා වෙනවා.

කෙසෙ වෙතත් මාලිංග විසින් තවමත් මේ පිළිබදව නිළ වශයෙන් දැනුම් දීමක් සිදු කර නෑ.

ලසිත් මාලිංග ඉවත් වුවහොත්, මේ වසරේ අයි.පී.එල්. තරගාවලියට සහභාගී වන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නෙ ඉසුරු උදානය.

විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඉසුරු උදාන ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යාමට නියමිතව ඇත.

මේ අතර, අයි.පී.එල්. තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව ගියේය.

මහේලා ජයවර්ධන අඛණ්ඩව 4 වැනි වතාවටත් මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සැප්තැම්බර් 04 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යාමට නියමිතය.

ඉන්දියානු ප්‍රිමියර් ලීග් 13 වන වතාවටත් සැප්තැම්බර් 19 වන දින ඩුබායි හිදී ආරම්භ වන අතර එය නොවැම්බර් 08 වන තෙක් පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + fifteen =