ශවේන්ද්‍රට එරෙහි ඇමරිකානු තීරණය ගැන කාදිනල් හිමි නොසතුටින්.

0
610
- Advertisement -

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කිරීම ඉතාම අවාසනාවන්ත සිදුවීමක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ ඊ​යේ (18 වැනිදා) අගරදගුරු නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියහ.

රටකට පිවිසීම කෙනකුට තහනම් කිරීම හුදෙක් කොළයක සටහන් වූ කරුණු මත පදනම්ව ගනු ලබන තීරණයක් නොවිය යුතු බව කාදිනල් හිමි කියා සිටී. මෙවැනි තීරණයක් ගැනීමට පෙර අවශ්‍ය තොරතුරු සහ දත්ත නිසි පරිදි විශ්ලේෂණය කළ යුතු බවත් ඇමරිකාව ගනු ලැබූ තීරණය ගැන කාදිනල් හිමි සතුටු නොවන බවත් මෙහිදී ප්‍රකාශ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × five =