දිගු කාලයක් තිස්සෙ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අසාර්ථක පිතිකරුවෙකු වූ කුසල් මෙන්ඩිස් ලෝක කුසලාණ තරගාවලියේදිත් අසාර්ථක පිතිකරුවෙකු බවට පත් වෙනවා.
ඒ නමුත් කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා.
තේරිම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මේ බව ප්‍රකාශ කළේ අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.
මෙම මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාද එක්ව සිටියා.