පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක කාර්මාන්තයට දැඩි හානියක් සිදු වුනා.
ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරක කර්මාන්ත අමාත්‍යංශයේ උත්සවයකට ජැකලින් ෆර්නැන්ඩස් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මෙහිදි ජැකලින් පවසා සිටියේ “ශ්‍රී ලංකාව මගේ නිජබිමයි. මගේ සුන්දර ආදරණීය මතකයන් ගොඩ නැගි ඇත්තේ ලංකාව වටාය. ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය දෙන්න තමා සුදානම්” බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ සංචාරක කර්මාන්තය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති ආකාරය ගැන කතා කරමින් ඇය මෙසේ පැවසුවාය “දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව අංක එකේ සංචාරක ගමනාන්තය වී තිබේ. ත්‍රස්ත ප්‍රහාරය සිදුවීම නිසා අපේ සංචාරක සංඛ්‍යාව අඩුවී තිබීම කනගාටුවට කරුණකි” යන්නයි.



