කොළොන්නාව ප්‍රාදේශිය සභාවේ පරීක්ෂකවරයෙකු ගංජා ග්‍රෑම් 21ක් සමග පොලිස් භාරයට.

0
281
- Advertisement -
Share

කොළොන්නාව ප්‍රාදේශීය සභාවේ ගංජා විකිණීමේ නිරත වූ වැඩ පරීක්ෂකවරයකු ඊයේ (13 වැනිදා) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසෙ අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 21ක් සොයාගෙන ඇත.

දීර්ඝ කාලයක සිට සැකකරු මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. සුද්දා නමැති අන්වර්වථ නාමයකින් පෙනී සිටි මෙම සැකකරු සේවකයන්ට ගංජා ලබාදීම ප්‍රධාන කොට ගෙන තිබී ඇති බව වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ආර්. පාරමුල්ලගේ විසින් වැටලීම සිදු කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 11 =