රිදිමාලියද්ද, කුඩාලුණුක විද්‍යාලය ඉදිරිපිට විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගෙ දෙමාපියන් විසින් පසුගිය 12 වැනිදා උදෑසන පාසල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුනා.
ඒ රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ කුඩාලුණුක විද්‍යාලයේ පවතින ගුරුහිගයට පිළියම් ලබා දෙන මෙන් ඉල්ලමින්ය.
වසර 10ක පමණ කාලයක් තිස්සේ තම විද්‍යාලයට විද්යාගුරුවරයෙක් නොමැති බව සහ දිගු කාලයක් තිස්සේ සිංහල ගුරුවරයෙක් ද ප්‍රාථමික අංශයේ දරුවන් හට ගුරුවරු තිදෙනෙකුගෙ හිගයක් පවතින බව ඔවුන් විරෝධතාවයේදි පැවසීය.
පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන අතර ළමුන් 290ක් ද මෙම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරයි.
ගුරුවරු 16ක් ගුරු සේවයේ නිරතව සිටින බව දෙමාපියන් සදහන් කරනවා.
