සියලුම එළවලු වර්ග වල මිල සීඝ්‍රයෙන් ඉහළට.

0
567
- Advertisement -

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවලු ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් සියලුම එළවලු වර්ග වල මිල ශ්‍රීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට්. ලීක්ස්, බීට් ,ගෝවා, මාළුමිරිස් , ආදි එළවලු කිලෝවක තොග මිල රුපියල් 250ත් 300ත් අතර ඉහළ මිලක් වීම විශේෂත්වයකි.

එමෙන්ම පහතරට එළවලු වන වම්බටු ,මෑකරල්, පතෝල, කරවිල ,කැකිරි ,පිපිඤ්ඤා, දඹල .ආදී එළවලු කිලෝවක තොග මිල ද රුපියල් 180 සිට රුපියල් 250ක් යටතේ අලෙවි වීම සිදුවන බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

දේශීය රතුලූනු කිලෝවක තොග මිල රුපියල් 450, 550 ත් අතර මිලකට අලෙවි වේ. රතුලූනු වෙළෙන්දන් කියාසිටියේ යාපනයේ ප්‍රදේශයේ පමණක් ඉතා සීමිත රතුලූනු තිබීම නිසා විදේශ රටවලින් රතුලුනු නොමැති වීම මිල ඉහළ යෑමට හේතු වී ඇති බවය.

විදේශීය ලොකු ලුනු කිලෝවක තොග මිල රුපියල් 110 සිට 120 දක්වා වූ මිලකට අලෙවි වන බව වෙළෙන්දෝ පවසති.

මේ දිනවල රට පුරා ඇඳ හැලෙන වර්ෂාපතනය හේතුවෙන් එළවලු බොහෝමයක් විනාශ වීම මිල ඉහළ යාමට හේතුවී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

ඉදිරියේදි උත්සව සමය හේතුවෙන් එළවලු අලෙවි කරගැනීමට විශාල කරදරයකට මුහුණ පෑමට සිදුවන බව එළවලු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙනත් දිනවල දිනකට එළවලු ලොරි 600ත් 700 අතර ලැබෙන බවත් එහෙත් මේ දිනවල ලැබෙන එළවලු ප්‍රමාණය 70%කින් පමණ අඩු වී තිබීම සහ ඉල්ලුම ලෙස සැපයුම නොමැතිවීම නිසා එළවලු මිල ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

Ada.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × three =