“මම ජනපති සමග සාකච්ඡා කරා යූ.එන්.පී පාක්ෂිකයන්ට සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා සමබන්ධයෙන්” – හිටපු අගමැති

0
465
- Advertisement -

මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින්හට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීම සඳහා කටයුතු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා සමග එකඟ වූ බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කර සිටියෙ ටුවිටර් මාධ්‍යට පණිවිඩයක් නිකුත් කරමිනි,

“එක්සත් ජාතීක පක්ෂයේ ආධාරකරුවන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය පිළිබඳව මම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළෙමි. එය වලක්වන බවට ඔහු මට සහතික විය.
මැතිවරණයක් තුළ පමණක් නොව ඉන් පසුවද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහතික කිරීම අත්‍යවශ්‍ය වේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 10 =