එච්.එස්.බී.සී. සේවකයන් 35,000ක් දොට්ට දමයි.

0
2118
- Advertisement -

ලක්ෂයකට වඩා වැඩි සේවක පිරිසෙන් තිස්පන්දහසකට ආසන්න ප්‍රමාණයක් සේවයෙන් ඉවත් කිරීමට එච්.එස්.බී.සී. බැංකුව තීරණය කර තිබේ.

මෙයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ගිය වසරේ සමස්ත ලාභයෙන් සියයට තිස් තුනක් පමණ පහත වැටීමයි. මෙලෙස එකවර අලාභයක් සිදුව ඇත්තේ යුරෝපයේ ආයෝජන සහ වාණිජ බැංකු මෙහෙයුම්වල ඇති ගැටලුකාරී තත්ත්වය නිසාය.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ 2022 වසරේදී සිදු කිරීමට නියමිත ඩොලර් බිලියන 4.5ක පිරිවැය කප්පාදුවක් ඉලක්ක කර ගනිමින් ඩොලර් බිලියන 100 ක වටිනා වත්කම් ප්‍රමාණයක් ආපසු ලබා ගැනීමටය. ආසියාවේ වැඩිම ආදායම් ලබන එච්.එස්.බී.සී. සමූහයේ වාර්ෂික ලාභය ඩොලර් බිලියන 13.35 ලෙස වාර්තා වේ. නමුත්, එය මෙවර අඩු වූයේ ලෝක ආර්ථික බලපෑම් මත බව එච්.එස්.බී.සී. සමූහයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී නොයෙල් ක්වින් පවසයි.

ඔහු පවසන්නේ එච්.එස්.බී.සී හි ආර්ථික වර්ධනය මන්දගාමී වීම නිසා මෙයට මුදල් ආයෝජනය කරන මාර්ග වෙනස් කිරීමට කටයුතු කරන බවයි. කොරෝනා වෛරසයේ බලපෑමත්, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් ලොව පුරා ආයෝජන සඳහා ඇති අඩු පොලී අනුපාතයත් මෙයට හේතු වූ බව එම සමූහය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 5 =