ඇමති එස්.එම් ගේ නිල රථයේ ගැටි අයෙක් මරුට, මවක් සහ දරුවෙකුට බරපතලයි.

0
422
- Advertisement -
Share

කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබු කාන්තාව හා දැරිය බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ.

ඊයේ (16) රාත්‍රීයේ මෙම අනතුර සිදුවී ඇත.

ඉඩම්, පරිසර, වනජීවි අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ගමන් කල සුඛෝපභෝගී නිල රථයේ ගැටි මෙම අනතුර සිදුව ඇත.

අනතුරට ලක් වූ කාන්තාවගේ කොන්ද ප්‍රදේශයට හා දැරියගේ කකුලකට දැඩි තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසන බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වු කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරියෙක් වන පී.රංජන් කුමාර නැමැත්තෙකි.

සිදුවීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 3 =