උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර දූරයේ දිවුරුම් දුන් මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි වැඩ භාර ගැනිම සිදු වුනා.
මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පූජකතුමන්ලාගේ ආශිර්වාදය මධ්‍යයේ වැඩභාර ගැනිම සිදු විය.
මහාචාර්ය තිස්ස විතාරණ මහතා උතුරුමැද පලාතේ එකොළොස්වන (11)ආණ්ඩුකාරවරයා වේ.
මෙම අවස්තාවට රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ,පාර්ලිමේන්තු මන්ත්‍රි එච්.සි මුතුකුමාරණ,උතුරුමැද පලාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමති එස්.එම් රංජිත් සමරකෝන්,පලාත් සභාවේ හිටපු ඇමති කේ.එච් නන්දසේන යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයින්ද ආන්ඩුකාර ලේකම් ඒ .කේ.එන් වික්‍රමසිංහ මහතා හා රාජ්‍ය නිළධාරින් රැසක්ද එක්ව සිටියා.