ඩ්‍රෝන කැමරාවකින් පට්ටිපොළ රක්ෂිතයේ ඡායාරූප ගත් අරාබි ජාතිකයන්ට වැඩ වරදී

0
2863
- Advertisement -
Share

පට්ටිපොළ කන්දෙඇළ රක්ෂිතයේ ඉහළ කොටසේ ඩ්‍රෝන යානාවකින් ඡායාරූප ලබාගත් සෞදිඅරාබි ජාතිකයන් සිව් දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පෙරේදා (12 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී මැවික් එයාර් වර්ගයේ ඩ්‍රෝන කැමරාවක්, බැටරියක්, මෙමරි කාඩ් පතක්, දුරස්ථ පාලකයක් හා මයික්‍රෝ එච්.ඩී. සඳහා භාවිත කරන ඇඩප්ටර් එකක් සොයා ගැනීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකාර සෞදි ජාතිකයන් සිව් දෙනා සතුව මෙරට රැඳී සිටීමේ වලංගු වීසා බලපත් සහ විදෙස් ගමන් බලපත්ද නොමැති බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − nine =