“වතු කම්කරු වැටුප වැඩි කරන්න බැහැ” – හාම්පුත්තු රජයට කියති

0
308
- Advertisement -
Share

වතුකම්කරුවන් සඳහා රුපියල් 1000ක දෛනික වැටුප් වැඩිවීමක් ලබාදිය නොහැකි බව වතු වැවිලිකරුවන්ගේ සංගමය ආණ්ඩුවට ඊයේ (20 වැනිදා) දැනුම් දී ඇත.

වතුයායවල ඵලදායීතාව වැඩිවීම මත පදනම් වන වැටුප් වැඩිවීමක් ලබාදිය හැකි බව එම සංගමය පෙන්වාදී ඇත. වතු වැවිලිකරුවන්ගේ සංගමය, ලංකා සේව්‍ය සම්මේලනය සහ විධායක නිලධාරීන් සමග වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර යන අය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී ඊයේ (20 වැනිදා) සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී මෙම දැනුම්දීම සිදුකළ බව ලංකා සේව්‍ය සම්මේලනයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් සිල්වා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =