දෙහිවල සත්ව උද්‍යානය පිළියන්දල කහපොල ප්‍රදේශයට

0
219
- Advertisement -
Share

දෙහිවල සත්වෝද්‍යාන පිළියන්දල කහපොල ප්‍රදේශයට ගෙන යාම සදහා ඉදිරිපත් ව ඇති යෝජනාව කෙරෙහි ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ විශේෂ අවධාණය යොමුව ඇති බව සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඔහු පෙන්වා දුන්නේ සතුන් කූඩු කර නැරඹීමේ ක්‍රමවේදය වර්තමානයේ දී යල් පැන ගිය ක්‍රමවේදයක් බවයි. ඒ නිසා සත්වෝද්‍යානය නවින ලෝකයට ගැලපෙන පරිදි සැකසීම අත්‍යවශ්‍යය බව පැවසු ඇමතිවරයා සත්ව හිංසනයක් සිදු නොවන ආකාරයෙන් එය සිදු කළ යුතු බව අවධාරණය කළේය.

දෙහිවල සත්වොද්‍යානයේ සතුන්ගේ කෑම බීම හා වෙනත් අවශ්‍යතා සපුරාලීම සදහා මාසිකව රුපියල් මිලියන 40 කට ආසන්න මුදලක් වැය වන බවත්, සේවක වැටුප් අතිකාල ගෙවිම් සදහා රුපියල් මිලියන 06 ක මුදලක් වැය වන බවත් මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී උපදෙස් දුන්නේ කැබිනට් මණ්ඩලයට සත්වෝද්‍යානයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබදව වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව එම වාර්තාව කඩිනමින් තමා වෙත යොමු කරන ලෙස ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාට උපදෙස් දුන්නේය. ඊට අමතරව ඉදිරි අයවැයට අදාළව යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය.

“අද” පත්තරයෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 11 =