‘covid මූලාරම්භය පිළිබදව යළි සොයා බලන්න.’ ජෝ බයිඩ්න් එරට බුද්ධි අංශ වෙත උපදෙස් දෙයි.

0
402
- Advertisement -

‘covid මූලාරම්භය පිළිබදව
යළි සොයා බලන්න.’
ජෝ බයිඩ්න් එරට බුද්ධි අංශ වෙත උපදෙස් දෙයි.


කෝවිඞ් වසංගතයේ මූලාරම්භය පිළිබදව සොයා බලා දින 90 ක් තුළ තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, එරට බුද්ධි අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ වූහෑන් වෛරස් ආසතනයේ විද්‍යාඥයන් කිහිප දෙනෙකු, 2019 නොවැම්බරයේ දී හදිසියේ ම රෝගාතුර වී රෝහල්ගත කර ඇති බවට බුද්ධි අංශ තහවුරු කිරීමත් සමග ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

වූහාන් නගරයෙන් වෛරසය පිළිබදව වාර්තා වූ මුල් අවදියේ දී – එහි ගොස් විමර්ෂණ සිදු කිරීමට විද්‍යාඥයන්ට අවස්ථාව නොලැබුණි.

වෛරසයේ මූලාරම්භය රසායානාගර අනතුරක් ද – නැතිනම් ආසාදිත සත්වයෙකු මාර්ගයෙන් වෛරයස ව්‍යාප්ත වීද යන්න පිළිබදව සොයා බැලීමක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා බුද්ධි අංශ වෙත දැනුම් දී ඇති අතර, එහි මූලික වාර්තාව මේ වනවිටත් ඔහුට ලැබී ඇති බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − 6 =