වෛරී ප්‍රකාශන සිදු කරමින් බුදු දහමට නිගා කල විග්නේශ්වරන්ට එරෙහිව පැමිණිල්ලක්.

0
414
- Advertisement -

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීමට කිසිදු පුද්ගලයකුට අයිතියක් නොමැති බවත්, මහාවංශය පාලි භාෂාවෙන් රචිත ප්‍රබන්ධයක් බවත් සඳහන් කරමින් ජාතීන් අතර අසමඟිය පතුරන වෛරී ප්‍රකාශන සිදුකිරීමට එරෙහිව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ‘සිංහලේ ජාතික ව්‍යාපාරයේ’ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (15දා) පොලිස් මූලස්ථානයට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගොනු කළේය.

උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් පෙරේදා (14දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව කිසිදු ලෙසකින් සිංහලයන්ගේ නිජභුමියක් නොවන බවත් සැබෑ මුල් වැසියන් වන්නේ දෙමළ වැසියන් වීම හේතුවෙන් අතීතයේදී ශ්‍රී ලංකාවේ ජීවත්ව ඇත්තේ දෙමළ බෞද්ධයන් බවය.

මෙවැනි ද්වේශ සහගත වෛරී ප්‍රකාශන තුළ ජාතීන් අතර අසමඟිය වර්ධනයවී ගැටුම් ඇති විය හැකි බැවින් මෙම වෛරය පතුරන හිටපු මහ ඇමැතිවරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රියසාද් මහතා සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

වෛරී ප්‍රකාශන කරමින් ජාතීන් අතර අසමඟිය ඇති කරන ආගමික වියවුල් හදන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නීතියක් 2007 වර්ෂයේදී සම්මත වී ඇති බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉකුත්දා මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර දින සමරු උළෙලේදී ප්‍රකාශ කර තිබිණි.

ඔහු එහිදී පෙන්වා දී තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේද වෛරී ප්‍රකාශන කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 3 =