අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන නිළධාරීන් 704 දෙනෙකුට අද සිට නිසි අවසරයකින් තොරව විදෙස් ගතවීම තහනම් කර තිබේ.
ඒ අනුව, අදාල නිළධාරීන්ගේ නම් ලැයිස්තුව, කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් යොමු කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා හොර රහසේ රටින් පිටව යෑමෙන් පසුව, බලධාරීන් මෙම පියවර ගෙන තිබේ.