(CID) ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න (FCID) ප්‍රධානියා වශයෙන් ද වැඩ භාරගනී

0
560
- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ඊයේ (22) පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙහි (FCID) ප්‍රධානියා වශයෙන් ද වැඩ භාරගෙන තිබේ.බරපතළ මූල්‍ය වංචා සම්බන්ධ පැමිණිලි 500කට ආසන්න ප්‍රමාණයක් FCIDය යටතේ විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින අතර පසුගිය යුගයේදී මෙම විමර්ශන තුළ ද බරපතළ අක්‍රමිකතා, දූෂණ සිදුව ඇත. විමර්ශන නිලධාරීන් අතින් සිදු කෙරුණු අක්‍රමිකතා මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට යවන ලිපිගොනුවල සාක්ෂි සටහන් අතුරුදන් කිරීමේ සිදුවීම් ද මේ අතර වෙයි.

එහෙයින් ඒ සියල්ලම පිළිබඳව නැවත සමාලෝචනයක් සිදුකර, ඒවා නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස රවී සෙනවිරත්න මහතා සිය පළමු නියෝගය ලබාදී තිබේ.
මෙම වැඩ භාරගැනීමේ අවස්ථාවට භික්ෂූන් වහන්සේලා වඩම්මවා, පිරිත් දේශනා කිරීමට ඇතුළු උත්සව අවස්ථාවක් ලෙස සූදානම් කිරීමට FCID නිලධාරීන් අවසර ඉල්ලා තිබුණත් රවී සෙනවිරත්න මහතා එය ප්‍රතික්ෂේප කර, තමන් සාමාන්‍ය පරිදි පැමිණ අත්සන් තබා වැඩ භාරගන්නා බව ප්‍රකාශ කර ඇත. FCIDය රවී සෙනවිරත්න මහතාට අලුත්ම තැනක් නොවන්නේ ඒ මහතා මීට පෙරත් කිහිපවතාවක් ම කෙටි කාලසීම සඳහා එහි වැඩබලන ප්‍රධානියා ලෙස කටයුතු කර තිබුණු බැවිනි.මේ අතර FCIDය සමඟ ඩීල් දමාගෙන මෙතෙක් ජාම බේරාගත් ඩීල් කාරයින් මේ වනවිට දැඩි කලබලයට පත්ව ඇති බවත් වාර්තා වේ. ඒ, රවී සෙනවිරත්න මහතාව කිසිවිටෙක මුදලට යටකර ගත නොහැකි බව ඔවුන් හොඳින්ම දන්නා නිසාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 4 =