අගමැති සහ ජනපති හමුවීමට චීන,රුසියා සහ ඇමෙරිකානු නියෝජිතයින් පිරිසක් ලංකාවට.

0
250
- Advertisement -
Share

චීනයේ, ඇමෙරිකාවේ සහ රුසියාවේ නියෝජිතයන් තිදෙනෙකු අද (13දා) හා හෙට (14දා) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග ඊ මහතා අද (13දා) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතය.

එසේම දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව අමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මියද අද දිවයිනට පැමිණීමට නියමිතය.

මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝයි මහතාද හෙට අලුයම දිවයිනට පැමිණීමට නියමිතය.

මොවුහු ජනපති, අගමැති හා විදේශ කටයුුතු අමාත්‍යවරයා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

එසේම මෙම තිදෙනා හෙට දිනයේදී දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.

රියදුරුවරිය වැඩ පටන් අරන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =