මුහුදේදී අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් තොගය හා අයිස් මත්ද්‍රව්‍ය ගොඩබිමට.

0
298
- Advertisement -

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ජාත්‍යන්තර මුහුදේද අත් අඩංගුවට ගත් හෙරොයින් තොගය හා අයිස් මත්ද්‍රව්‍ය තොගය අද (04 දා) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරනු ලැබිණි.

හෙරොයින් තිබූ යාත්‍රා දෙක හා එහි රැඳීසිටි සැකකරුවන් 16 දෙනෙකුත් ගොඩබිමට රැගෙන ආ අතර හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සැකකරුවන් හෙට (06 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

රැඳවුම් නියෝග අධිකරණයෙන් ලබාගෙන සැකකරුවන් රඳවාගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදිවත්ත මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාද සහභාගී වූ අතර යාත්‍රා දෙක හා හෙරොයින් තොගය අයිස් මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට රැගෙන එනු ලැබිණි.

මෙහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 330ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 50ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවද නාවික හමුදාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව විසින් මුහුදේදී අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් තොගය හා අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙය බවද පවසා සිටියේය.