Android, Apple මෙහෙයුම් පද්ධති යුද්ධයට Huwawei සමාගමත් එක් වෙයි.

0
76
- Advertisement -

මේ අවුරුද්ද “Huwawei” දුරකථනවලට නම් සුබදායක අවුරුද්දක් වුණේ නෑ. පසුගියදා ඇමෙරිකාවේ තහනම නිසා ඔවුන්ට මුහුණ දෙන්න වුණු ප්‍රශ්න එයට හොඳම උදාහරණයක්. ඇමෙරිකාව විසින් එම තහනම ඉවත් කරනු ලැබුවත් වාවේ සමාගම ඇන්ඩේ‍රායිඩ් මෙහෙයුම් පද්ධතිය වෙනුවට ඔවුන්ගේම ප්‍රථම OS එක පසුගියදා රිලීස් කළා. මෙය නම් කරලා තියෙන්නේ Harmony OS යනුවෙන්. දැන් එතකොට Huwawei භාවිත කරන අයට ගැටලුවක් ඇතිවෙයි, එතකොට අපේ ඇන්ඩේ‍රායිඩ් Version එක? ඒ ගැන ඔබ බිය විය යුතු වන්නේ නැහැ. එය ඔබට ඔය විදියටම භාවිත කරන්න පුළුවන්.

Huwawei ආයතනය 2020 සිට ඔවුන්ගේ OS එක ඔබට ලැබෙන්න සලස්වන බව තමා ප්‍රකාශ කර සිටියේ. මේ OS එක ඇන්ඩේ‍රායිඩ් සහ ඇපල් OS වලට වඩා 70%කින් වේගවත් බව සමාගම මේ වනවිටත් සහතික කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී Android, Apple OS මෙහෙයුම් පද්ධති යුද්ධයට Huwawei ආයතනයේ harmony os එකත් එකතු වේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + four =