ප්‍රසිද්ධ වෙළෙඳ නාමයකින් කල් ඉකුත් වූ එළවළු තෙල් විකිණු ව්‍යාපාරිකයා.

0
465
- Advertisement -

මිනිස් පරිභෝජනයට නුසුදුසු එළවළු තෙල් තොගයක්, සත්ත්ව ආහාර නිෂ්පාදනාගාරයක් තුළදී වෙළෙඳපොළට යැවීම සඳහා හිස් බෝතල්වලට අසුරමින් සිටි කූට ව්‍යාපාරිකයෙක් වත්තල මාබෝල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම විසින් 04 වැනිදා දහවල් අත්අඩංගුවට ගෙන ඇත. 

වත්තල, මාබෝල මරීනා ගාර්ඩ්න් ප්‍රදේශයේ කුකුළු කෑම නිෂ්පාදනාගාරයක් තුළ පවත්වාගෙන ගිය මෙම කල් ඉකුත්වූ තෙල් නැවත පිරවීමේ ජාවාරමට චෝදනා කිහිපයක් යටතේ නඩු පැවැරීමට ක්‍රියා කිරීමට නියමිතව ඇත. 

එළවළු තෙල් අතර රටේ ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් සහිත ලේබල් ඇලවූ හිස් බෝතල්වලට පිටින් තෙල් ගෙන එන ලද කල් ඉකුත් වූ එළවළු තෙල් ඇසිරීමේ ජාවාරම මෙම ස්ථානයේදී සිදුකර ඇත. මෙම තෙල්වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ තුනකට අධික යැයි දළ වශයෙන් ගණන් බලා ඇතැයි නිලධාරීහුන් පවසයි.

ලද තොරතුරකට අනුව වැටලීමකින් පසු මෙම ව්‍යාජ එළවළු තෙල් ජාවාරම මෙලෙස අත්අඩංගුවට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හැකි වී ඇත. 

මෙලෙස අත්අඩංගුවට ගත් තෙල් තොගයේ ලීටර් 18 කෑන් 09කුත්, ලීටර 03 කෑන් 39කුත් තිබූ බව වත්තල නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරණ මහතා පැවැසීය. 

මෙම තෙල් තොගය රත්මලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් මිලි ලීටර් 03ක් සහිත තෙල් කෑන් එකක් රුපියල් 375 බැගින් ඉතාම අඩු මුදලකට අලෙවි කර ඇත. වෙළෙඳපොළේ නියම වටිනාකම රුපියල් 1400 වඩා වැඩි වන මෙම ප්‍රමාණය මෙතරම් අඩු මිලකට මොහුට අලෙවි කර ඇත්තේ එය කල් ඉකුත්වූ නිසා යැයි වැටලීම කළ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවැසූහ. නීතියට කොටුවීමෙන් පසු ව්‍යාපාරිකයා පවසා ඇත්තේ මෙම තෙල් කුකුළු කෑම නිපදවීමට යොදා ගන්නා බවය. එසේනම් ඒවා 2021 වසරේ කල් ඉකුත් වන බෝතල්වලට ඇසුරුවේ මන්දැයි නිලධාරීන් ප්‍රශ්න කළ විට ව්‍යාපාරිකයා නිරුත්තර වී ඇත. 

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාට මේ මස 13 වැනිදා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 5 =