දුම්රිය සේවාවට සම්බන්ධ රැකියා අවස්ථා 7000ක්.

0
870
- Advertisement -

දුම්රිය සේවාවට සම්බන්ධ රැකියා අවස්ථා 7000 ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව අමාක්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දුම්රිය ගාස්තු වැඩි නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මහනුවර දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ඒ මහතා අදහස් පල කළේ.

මහනුවර දුම්රිය ස්ථානය වෙත පැමිණි අමාත්‍ය මහින්ද අමරවීර මහතාව එහි ස්ථානාධිපති එල්.ජී ධර්මපාල මහතා ඇතුළු නිලධාරීන් විසින් ඉතා සුහදශීලී ලෙස පිලිගනු ලැබුවා. දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සමග සුහද කතාබහක නිරත වූ අමාත්‍යවරයා එහි කටයුතු පිලිබදවද විමසා බැලුවා.

ඉන්පසුව මහනුවර දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වා දුම්රියෙන් ගමන් කිරීමටද අමාත්‍යවරයා එක්වුණා. මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පී.බී නුගවෙල මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + 20 =