සහරාන් සමග සබදතා පැවැත්වු 64 දෙනා 19 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

0
511
- Advertisement -

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට සැකපිට අත් අඩංගුවට ගත් 64 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරිම ලබන (19) වන දක්වා දීර්ඝ කර ඇත.

නුවරඑළිය ජාතික තව්හිඩ් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැක පිට අත් අඩංගුවටගත් කාත්තාන්කුඩි පදිංචිකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගත කර ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද විමර්ශන මත මොවුන් සැකපිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ලදී.

මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ සී රිස්වාන් ඉදිරියේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගත කරන ලෙස නියෝග කරන ලදී.