36ක් ජීවිතක්ෂයට පත්කල ඉන්දියාවේ අධික වර්ෂාව

0
454
- Advertisement -
Share

අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නුවර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූයේ, තාප්පයක් කඩා වැටීමෙන් වන අතර ඊට ළමුන් 10 දෙනෙකු ද අයත් වනවා.

තවත් පුද්ගලයින් සුන්බුන් අතර සිරව සිටින බවට වාර්තා වීම හමුවේ මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 114 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් පුද්ගලයින් 78 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙම තත්ත්වය හමුවේ මුම්බායි නුවර සියලු කටයුතු අඩපණ වී ඇතැයි ඉන්දීය බලධාරීහු පවසනවා.

මේ හේතුවෙන් ඊයේ දින මුම්බායි නුවර අවලංගු කෙරුණු ගුවන් ගමන් වාර සංඛ්‍යාව 203ක්.

වර්ෂාව සහ ජල ගැලීම් හේතුවෙන් නගරයේ දුම්රිය ගමනා ගමනය ඇතුළු ප්‍රවාහන කටයුතු දැඩිව අඩාල වී ඇති අතර රථ වාහන තදබදය ද උග්‍ර වී තිබෙනවා.

ඉකුත් පැය 24 තුළ මුම්බායි නගරයට මිලිමීටර් 375ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළා.

මුම්බායි නගරයට බලපෑ මෙම අධික වර්ෂාපතනය මෙම සතිය පුරාම පවතිනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − nineteen =