26% ක්ව පවතින වනගහනය 30% දක්වා වැඩි කිරීමට බ්රිතාන්‍ය අගමැති සූදානම්.

0
207
- Advertisement -
Share
5 / 100

26% ක්ව පවතින වනගහනය 30% දක්වා වැඩි කිරීමට
බ්රිතාන්‍ය අගමැති සූදානම්.

•වසන්ත විජේරත්න / arunaEpaper

බ්රිතාන්‍යයේ දැනට පවතින ජාතික වනෝද්‍යාන හා ස්වභාවික කැලෑ ඇතුළු රක්ෂිත භූමි ප්‍රමාණය එරට මුළු වපසරියෙන් 26%කි. 2030 වසර වනවිට එම ප්‍රතිශතය 30% දක්වා වැඩි කරන බවට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රතිඥා දී තිබේ. ඔහු එය සිදු කිරීමට අදහස් කරන්නේ තවත් අමතර හෙක්ටයාර 400,000ක් ආරක්ෂිත ප්‍රදේශ බවට පත් කිරීමෙනි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති එක්සත් ජාතීන්ගේ සැසිවාරයකදී ඔහු මෙම සැලසුම ඉදිරිපත් කිරීමට නියමිතය. ඔහු සමග මෙම සමුළුවට තවත් රටවල් 65ක නායකයන් සහභාගි වේ. එහිදී මෙම සියලුම ලෝක නායකයන් එක්ව ස්වභාව ධර්මය ආරක්ෂා කිරීමේ ජගත් ප්‍රතිඥාවක් ලබාදෙනු ඇත. ‘‘පරිසරය ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වන නමුත් එය සිදු කිරීමේදී ස්කොට්ලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය මෙන්ම ඉඩම් හිමියන් සමගද සාකච්ඡා කර අවශ්‍ය පියවර ගත යුතුයි’’ යනුවෙන් ජොන්සන් ප්‍රකාශ කරයි.

අදාළ සමුළුවේදී ජගත් නායකයන්ගේ සොබාදම් ප්‍රතිඥාවට අත්සන් තැබීමද බ්‍රිතාන්‍ය අගමැතිවරයා සිදු කරනු ඇත. කොරෝනා වසංගතය පාලනය කිරීම, ජෛව විවිධත්ව ඉලක්කයන්ට ප්‍රමුඛත්වය ලබාදීම, සොබාදහම ආරක්ෂා කිරීම සඳහා මූල්‍ය අරමුදල් ප්‍රමාණය ඉහළ දැමීම ආදී කරුණු ගණනාවක් මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. ‘‘වචනවලින් නොනැවතී ඒවා ක්‍රියාවට නැංවීමට ලෝක නායකයන් යොමුවිය යුතුයි. අප ප්‍රමාද වන තරමට සොබාදහමේ විනාශය වේගවත් වෙනවා. එසේම එය රැක ගැනීම සඳහා අප යෙදිය යුතු උත්සාහයද බැරෑරුම් වන බව පැහැදිලියි’’ ඔහු ප්‍රකාශ කරයි.

අගමැතිවරයාගේ ප්‍රතිඥාව සම්බන්ධයෙන් පරිසරවේදීන්ගේ සතුට පළවී තිබේ. නමුත් බ්‍රිතාන්‍යයේ වඳවී යාමේ තර්ජනයට මුහුණපා සිටින සතුන් හා ශාක ඇති ප්‍ර‍ද්ශවලින් අඩකටම එසේ වීමට හේතුව අරමුදල් හිඟය බව ඔවුහු ප්‍රකාශ කරති. එසේම බ්‍රිතාන්‍යය සැබෑ ලෙසම මෙම ප්‍රතිඥාව අනුව කටයුතු කරන්නේ නම් පාරිසරික පද්ධතීන්ට හානි වන ආකාරයේ කිසිදු වෙළෙඳ ගනුදෙනුවකට නොඑළැඹිය යුතු බව පරිසර සංවිධානවල අදහසය. මේ අතර ලෝක වනසත්ත්ව අරමුදලේ විධායක අධ්‍යක්ෂ ක්‍රෙග් බෙනට් පවසන්නේ එය හොඳ ආරම්භයක් වුවත් ඉක්මනින් ගැනීමට තරම් හදිසි පියවරක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × two =