24 ගෝඨා බදුල්ලට එන්නේ නෑ..!

0
783
- Advertisement -

හෙට, එනම් 24 වෙනිදා, බදුල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පක්ෂයේ මංගල රැළිය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණෙන බව දන්වා පෝස්ටර් සහ කටවුට්ස් ගසා තිබුණද, මෙම රැළියට ගෝඨාභය රාජපක්ෂ මහතා නොපැමිණෙන බව ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

අදාල රැළිය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගීවන බව දන්වා ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබෙන්නේ, ජන පදනමක් නැති දේශපාලඥයන් පිරිසක් බව පවසන ඌව ප්‍රධාන අමාත්‍යවරයා, මෙම රැළියට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුවහොත්, තමන් නගරයේ ඔරලෝසු කණුව ඉදිරියේ ඔළුවෙන් හිට ගන්නා බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 5 =