225 න් 218 ක් ම වත්කම් හෙළි නොකරයි.

0
1414
- Advertisement -

ඉතිහාසයේ පළමු වතාවට, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු හත් දෙනෙකු විසින් පසුගිය පෙබරවාරියේ දී, ඔවුන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබා දී ඇති බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. මහජන නියෝජිතයන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ සෑම වසරකම ජූනි මාසයේ 30 වන දාට පෙර ලබා දිය යුතුව තිබේ. එම දිනය ළංවන විට, තම ආයතනය, ඔවුන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබා දෙන්නැයි, පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් දෙසීය විසි පස් දෙනාටම මතක් කරන බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. කෙසේ වෙතත්, මෙතෙක් වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබා දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 07 දෙනෙකු පමණි. ඔවුන්ගේ නම් පහත දැක් වේ.
තාරක බාලසූරිය,
රන්ජන් රාජමනායක,
වාසුදේව නානායක්කාර,
විදුර වික‍්‍රමනායක,
එරාන් වික‍්‍රමරත්න,
එම්.ඒ සුමන්තිරන්
සයිඞ් අලි සහීර් මවුලානා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × one =