“21 රට විවෘත කරන්න එපා..! නැවතත් රට අපේ‍්‍රල්වල පැවති අවදානමට යා යැකියි.” ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අනතුරු හගවයි.

0
379
- Advertisement -

“21 රට විවෘත කරන්න එපා..!
නැවතත් රට අපේ‍්‍රල්වල පැවති අවදානමට යා යැකියි.” ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අනතුරු හගවයි.


මේ වන විට පනවා තිබෙන සංචරණ සීමා හෙට දිනයේ දී ඉවත් නොකරන ලෙස ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා සිටියි.

දින කිහිපයකට වුව සංචරණ සීමා ඉවත් කිරීමෙන් වසංගතය ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට ඔවුන් අනතුරු හගවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව පවසා ඇත්තේ, දැනට පනවා තිබෙන සංචරණ සීමා ඉවත් කිරීමෙන් නැවත රට අපේ‍්‍රල් මාසයේ පැවති තත්ත්වයට පත්විය හැකි බවයි.

දැනටත් දිනකට ආසාදිතයන් 2000 ඉක්මවා වාර්තා වන අතර, දෛනික මරණ සංඛ්‍යාව 50 සීමාව ඉක්මවා යයි.

තත්ත්වය තවත් සංකීර්ණ කරමින්, කොරෝනා වෛරසයේ ඉන්දියානු ප‍්‍රභේදය වන ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් සමාජය තුළින් හමුවෙමින් පවතී.

රට විවෘත කිරීම අවශ්‍යම නම් දිස්ති‍්‍රක් මට්ටටින් එය සිදු කිරීමේ අවශ්‍යතාවය පිළිබදව ඔවුන් පැහැදිලි කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + thirteen =