2028 දී ඇමරිකාව අභිබවා, චීනය ලෝක ආර්ථික බලවතා බවට පත් වේවි.

0
449
- Advertisement -

2028 දී ඇමරිකාව අභිබවා,
චීනය ලෝක ආර්ථික බලවතා බවට පත් වේවි.


මීට පෙර පැවති අනුමානයන් වෙනස් කරමින්, කලින් ගණන් බලා තිබුණු කාලයට වසර පහකට පෙර, එනම් 2028 වසර වන විට, චීනය, ඇමරිකාව අභිබවා ලෝක ආර්ථික බලවතා බවට පත්වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.

ලෝක ආර්ථික බලවතා වීමේ තරගය මෙතරම් ඉක්මනින් ජයගැනීමට චීනයට හැකි වන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීමේ දී ඔවුන් දැක් වූ බුහුටි බවයි.

වසංගතය ව්‍යාප්ත වූ මුල් අවධියේ දී වසංගතයෙන් දරුණුම ප‍්‍රහාරයකට ලක් වූ චීනය, ඉතා කෙටි කාලයකින් වසංගතය පාලනය කරීමට සමත් වූ අතර, ඇමරිකාව තවමත්, වසංගතයෙන් බලවත්ම හානිය සිදු වූ රටවල් අතර ප‍්‍රමුඛස්ථානය ලබා සිටියි.

2021 සහ 2025 අතර කාලයේ දී 5.7%ක ආර්ථික වර්ධනයක් චීනය අපේක්ෂා කරන අතර, එම කාල පරිච්ෙඡ්දය සදහා ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය 1.9% ත් 1.6% ත් අතර වේ යැයි ගණන් බලා තිබේ.

ඒ අනුව, 2028 වසර වන විට, ඇමරිකාව දෙවැනි තැනට දමා, ලෝකයේ ආර්ථික බලවතා බවට පත්වීමට චීනයට හැකිවනු ඇත. ජපානය – ඔවුන්ට හිමි තුන්වන ස්ථානයේ දිගටම පවතිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 1 =