මිලි මීටර් 200ක වර්ෂාපතනයක් – කාලගුණයෙන් රතු එළියක්.

0
480
- Advertisement -

දිවයිනට ගිනිකොන දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වාභාය හේතුවෙන් දිවයින පුරා විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, උතුරු-මැද හා උතුරු පළාත්වල පවතින වැසි තත්ත්වය වැඩි වේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොනරාගල, පොලොන්නරුව, බදුල්ල, නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්ට මිලි මීටර් 200 පමණ ඉතා තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.