20 විමර්ෂණයට අගමැති පත් කළ කමිටුවේ නිර්දේශ එළියට.

0
131
- Advertisement -
Share
9 / 100

20 විමර්ෂණයට අගමැති පත් කළ කමිටුවේ නිර්දේශ එළියට.
ජනපති සහ අගමැති කාර්යාල විගණනයට අවසර.
ජනාධිපති අධිකරණය හමුවේ වගඋත්තර කරුවෙකු කිරීමට අවසර.
ද්විත්ව පුරවැසියෙක්ට ජනාධිපති වීමට බෑ.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබවද අධ්‍යයනය කිරීම සදහා අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ විද්වත් කමිටුව විසින් පහත නිර්දේශ ලබා දී ඇති බව ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි.

ද්විත්ව පුරවැසියෙකුට මෙරට ජනාධිපති ධූරයට පත්වීමට පමණක් නොහැකි වන ලෙස විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය විය යුතු බව එම කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු විසින් යෝජනා කර තිබේ.

දහනවවන සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියෙකුට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි බව ඇතුළත් කර තිබුණි.

නමුත් 20 වන සංශෝධනයෙන් ඒ සියලු සීමා ඉවත් කර තිබුණද ඒ සඳහා පත්කළ කමිටුවෙන් යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් එම සීමා පැනවීමටයි.

එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය විගණකාධිපතිගේ විගණන බල යටතට පත් කරන අතර විගණන කොමිෂන් සභාව තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය යෝජනා කර ඇත.

ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමකදි අධිකරණය හමුවේ වග උත්තරකරු කිරීමට අවස්ථාව ලබා දීමටද මෙම කමිටුව විසින් යෝජනා කර ඇත.

කැබිනට් ඇමැති මණ්ඩලය 30 දක්වා සහ කැබිනට් නොවන ඇමති ධුර 40 දක්වා පැවති සීමා තවදුරටත් පවත්වාගෙන යාමට මෙම කමිටු එකග වී ඇත.

ඇමති මණ්ඩල දිවුරුමේදී ඒකීයභාවය ආරක්ෂා කරන බවට පෙර තිබූ වගන්තිය කිසිදු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට කමිටුවේ එකඟතාවය පළ වී ඇත.

මැතිවරණ කොමිසම් සභාවේ සාමාජිකයන් ප්‍රමාණය පස් දෙනකු දක්වා ඉහළ දැමීමට සහ එහි ඝන පූර්ණය තුන්දෙනෙකු කිරීමටත් කමිටුව විසින් යෝජනා කර ඇත.

කෙසේ වෙතත් අදාල කමිටුවේ යෝජනා අද දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර නැත.

මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර හෙට දිනට දින දාහතරක් සම්පූර්ණ වන නිසා හෙට සිට ඕනෑම දිනයක පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමේ අවස්ථාව හිමිවෙයි. <lankacnews>

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × one =