20 වන සංශෝධනය පාර්ලිමේන්තු විවාදය ආවරණය කළ තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා.
පසුගිය දා පැවති විසිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව පාර්ලිමේන්තු විවාදය ආවරණය කළ සිංහ මාධ්‍ය පුවත්පතක මාධ්‍යවේදියෙකු ද කාරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති බව වාර්තා වේ.
මීට දින දෙකකට පෙර, සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරුද, කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකු බව තහවුරු විය.
කෙසේ වෙතත්, විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව පාර්ලිමේන්තු විවාදය පැවති දින දෙකේ, එම විවාදය ආවරණය කිරීමට පැමිණි සෑම මාධ්‍යවේදියෙකුම, ස්වයං නිරෝධායනයට යොමු විය යුතු බව සෞඛ්‍ය බලධාරීන් විසින් දැනුම් දී තිබුණි.